කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 04ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, බුලත්කොහුපිටිය, මැවනැල්ල පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද, කරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් හදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමට මෙම ක්‍රියා මාර්ග ගෙන ඇති අතර නැවත දැනුම් දෙන තුරු මෙම ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ මෙම ප්‍රදේශවලින් පිටව යාම තහනම් කර ඇත.
