එළවළු කිලෝ ලක්ෂ 27ක් දඹුල්ලේ ගොඩගැසේ

by admindasun
0 comment 20 views

දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද (02) උදේ 11 පමණ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඊයේ සවස බස්නාහිර පළාතේ ඇදිරි නීතිය දීර්ඝ කිරීමත් සමග අදාළ ප්‍රදේශවලට එළවළු සම්පාදනය කරනු ලබන වෙළෙන්දන් දඹුල්ලට නොපැමිණීමෙන් මෙම එළවළු තොග විකුණාගත නොහැකි තත්වයකට පත්ව ඇති බවත් ඇය කියා සිටියාය.

තවදුරටත් අදහස් දැක්වූ කවිරත්න මන්ත්‍රීවරියට අනුව ඊයේ දිනය පුරා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නෙළු අස්වැන්න දඹුල්ලට රැගෙන විත් තිබේ. ගොවින් වැඩි වශයෙන්ම අස්වැන්න නෙළා ඇත්තේ ඇඳිරි නීතිය පැවති දින කිහිපයකට පසුව බස්නාහිර පළාතේ එළවළු සඳහා ඇති විය හැකි ඉහළ ඉල්ලුම ඉලක්ක කර ගනිමිනි.

රජය කිසිදු සැලසුමක් නොමැතිව, හිතු මනාපයේ ඇඳිරි නීතිය පැනවීමත්, සැපයුම් ජාල කලමනාකරණය සඳහා කිසිදු වැඩ පිළිවෙලක් නොමැතිවීමත් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව ඇය පවසයි.

පසුගිය මාර්තු මාසයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟම මාතලේ හා දඹුල්ලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොවින් අන්ත අසරණභාවයට පත් වූ බවත් කවිරත්න මහත්මයි කියා සිටියාය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment