21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

by admindasun
0 comment 58 views

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වන කොවිඩ් – 19 ආසාධිත මරණය වැලිසර ලය රෝහලේදී සිදුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

මෙම මියගිය රෝගියා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ අසාධිත තත්ත්වයක් හේතුවෙන් ඔක්තෝබර් 23 වන දින ඔහු රෝහල්ගත වී ඇත.

පළමු පීසීආර් පරීක්ෂණයෙන් ඔහු ආසාධිතයෙකු වශයෙන් හදුනාගෙන නොමැති අතර 31 වන දි මියගි පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද දෙවන පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාධිතයෙතු බව හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් තහුවුරු කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment