බස්නාහිර ඇදිරි නීතිය සතියකින් දිර්ඝ කෙරේ

by admindasun
0 comment 139 views

දැනට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන නිරෝධායන ඇදිරි නීතිය ලබන සදුදා (නොවැම්බර් 09 වන දින) උදෑසන 05 දක්වා දීර්ඝ කර ඇති බව කොවිඩ්ධ – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ බස්නාහිර පළාතට අමතරව ඇහැළියගොඩ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කුරුණෑගල නගර සීමාවටද ලබන සදුදා දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

මේ වන විට වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා එය පිට පළාත්වලට ව්‍යාප්ත වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

මීට පෙර නිවේදනය කර තිබූ අකාරයට දැනට පළාත තුළ පනවා ඇති ඇදිරි නීතිය හෙට (නොවැම්බර් 02) උදෑසන 05ට අවසන් වීමට නියමිතව තිබුණි.

මෙම කාලය තුළ හැකිතාක් නිවසින් බැහැර නොවී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර

යම් කිසි කෙනෙකුට කොවිඩ් – 19 සම්බන්ධ රෝග ලක්ෂණ පවතීනම් රෝහලට පැමිණීමට පෙර 0117966366 දුරකතන අංකය අමතා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ පවසයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment