පසුගිය ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරත වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවක් නොපැවැත්වීම පිළිබදව මේ වන විට විවිධ කතා පැතිර යයි.
එහිදී චීනයට ඇති පක්ෂපාතිත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම හිතාමතාම පොම්පියෝ විසින් ප්‍රතික්ෂේප කළ බවටද විවිධ පුද්ගලයන් අදහස් දක්වා තිබුණි.
තවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට ප්‍රථම ඇමෙරිකාවේ දකුණු ආසියානු කලාපය සම්බන්ධ කටයුතු භාර රාජ්‍ය නිළධාරියෙකුද පවසා තිබුණේද තම රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රධාාාා
ප්‍රධානී රොහාන් වැලිවිට මහතා කියා සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේදී ඔහු හමුවීමට ලබා දී තිබුණේ අවස්ථාවන් 02ක් පමණක් බවයි.
එහිදී ඉන් එක් අවස්ථාවක් ජනාධිපතිවරයා හමුවීමට යොදා ගත් අතර අනෙක් අවස්ථාව විදේශ අමාත්‍යංශයට ලබා දී තිබුණි.
කෙසේ වෙතත් මුල සිටම අග්‍රාමාත්‍යවරයා හමුවීම සම්බන්ධව කිසිදු සූදානමක් නොතිබුණු බවත් වැලිවිට මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා රාජ්‍ය නායකයෙකු මුණ ගැසීමේදී සම්ප්‍රදායට අනුව අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගී නොවන බැවින් ජනාධිපතිවරයා පොම්පියෝ හමුවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවූ බවත් වැලිවිට මහතා තවදුරටත් කියා සිටියේය.
