බස්නාහිර ඇරීමේ තීරණය අද හෙට තත්ත්වය අනුව

by admindasun
0 comment 130 views

අද දිනයේදී (31) සහ ඉරිදා (01) දිනයේදී බස්නාහිර පළාත තුළින් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වන ප්‍රමාණය අනුව සදුදා සිට ඇදිරි නීතිය ඉවත් කිරීම පිළිබද තීරණය ගන්නා බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස බස්නාහිර පළාත තුළ ඔක්තෝබර් 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 සදුදා උදේ 05 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ඒ පිළිබදව පසුගිය බදාදා (28) රජය විසින් නිවේදනය කළේය.

යුධ හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේ කලින් නියම කර තිබුණු පරිදි නොවැම්බර් 02 වන දින පළාත විවෘත කිරීමට තවමත් තීරණය කර නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment