අද දිනයේ මේ දක්වා කොවිඩ් රෝගීන් 137ක්

by admindasun
0 comment 24 views

අද දිනයේ සවස 06.30 වන විට මෙරටින් වාර්තා වුණු කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 137ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම 137 දෙනාගෙන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වුණු අතර 99 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය සහ ධීවර වරායන් ආශ්‍රිතයන්ගෙන් වාර්තා වුණු බවත් එම නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාධිතයින්ගේ සංඛ්‍යාව 7083 දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment