ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ මෙන්ම රාජපක්ෂ පවුලේ නම විකුණා කරනු ලබන ඉඩම් ජාවාරමක් පිළිබදව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පොලිසියට දන්වා ඇත.
එම වීඩියෝවේ ඇති විස්තරවලට අනුව මෙම ඉඩම් ජාවාරම හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් මෙහෙයවන අතර පිටරට වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉඩම්වවලට ව්‍යාජ ඔප්සු සකස් කර මෙම ඉඩම් නැවත විකුණා දැමීමට කටයුතු කරන බව සදහන් වේ.
මෙම ඉඩම්වලට ඇතුළු වීම සදහා රාජ්‍ය බලය යොදා ගැනීමට කටයුතු කරන බවත් ඒ සදහා එරාජ් ප්‍රනාන්දුට අයත් පෞද්ගලික ආරක්ෂක සේවා සපයන ආයතනයක ආරක්ෂක නිළධාරීන් සහ මැරයන් යොදා ගන්නා බවටත් එම වීඩියෝ පටයෙන් චෝදනා කරයි.
තවද එම වීඩියෝ පටයේ දැක්වෙන පරිදි බලහත්කාරයෙන් එම ඉඩම්වලට ඇතුළත් වී අගුළු දමා ඇති ගේට්ටු කඩා විවෘත කරන අතර ඉන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස එම ඉඩමට වාහනද ඇතුළත් කරන අයුරු දක්නට ඇත.
කෙසේ වෙතත් මේ පිළිබදව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසන්නේ මේ වන විටත් මේ පිළිබද පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසියට පැමිණිලි කර ඇති බවත් තමා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිවකු මෙවැනි ජාවාරම්වලට කිසිදු ආකාරයේ සම්බන්ධයක් නොමැති බවයි.
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩය පහතින් දැක්වේ.
Saw a video on social media which implicates myself & members of my family. Relevant authorities are already looking in to this matter. Incidents such as this shud not be taken lightly! I can assure that no one from my family is involved or affiliated to this. pic.twitter.com/Wn2iWfBCY1
— Namal Rajapaksa (@RajapaksaNamal) October 31, 2020
