බස්නාහිර පැන්න 454ක් නිරෝධායනයට

by admindasun
0 comment 33 views

බස්නාහිර පළාතට ඔක්තෝබර් 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 වනදා උදේ 05 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව නිවේදනය කිරීමෙන් පසුව එම පළාතෙන් පිටව ගිය 454 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම පුද්ගලයන් ඔවුන් වර්තමානයේ සිටින ස්ථානවලම ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි.

ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කොවිඩ් – 19 තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට එම පළාතෙන් පිටව නොයන ලෙස ඉල්ලීමක් කරන ලද නමුත් එම ඉල්ලීම නොතකා පළාතෙන් පිටවූ අය සොයා පොලිසිය ඊයේ දින විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment