20 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

by admindasun
0 comment 31 views

කොළඹ ජාතික රෝහලේදී ඊයේ (30) දින මියගිය රෝගියෙකුගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ් – 19 ආසාධිතයෙකු බව වසංගත රෝග විධයා අංශය තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය පසුගිය 29 වන දින ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර නිධන්ගත රෝගවලින් පෙළී ඇති බවත් වාර්තා වෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 20 වන කොවිඩ් – 19 ආසාධිතයෙකුගේ මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය එම මරණය තහවුරු කරන බවත් රජයේ ප්‍රවෘත්ත අධ්‍යක්ෂ නාලක කළුවැව පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment