බස්නාහිර පැන්න අයට වැඩ වරදී

by admindasun
0 comment 40 views

බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම පළාතෙන් පිටව ගිය අය සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඔක්තෝබර් 29 මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 සදුදා උදේ 05 දක්වා බස්නාහිර පළාතමට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය විසින් ඔක්තෝබර් 28 දින නිවේදනය කළේය.

එහිදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මෙන්ම පොලිසිය විසින් බස්නාහිර පළාතේ ජනතාවට මෙම කාලය තුළ පළාතෙන් පිටත්ව නොයන ලෙසට ඉල්ලීමක් කළේය.

එසේම එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පළාතෙන් පිටතට ගියහොත් යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු නම් එය පිට පළාත්වල අයටද සම්ප්‍රේෂණය විය හැකි බවයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම ඉල්ලීම නොතකා පළාතෙන් පිටව ගිය අය පිළිබදව සොයා ගැනීමෙන් අනතුරුව ඒ අයට විරුද්ධව අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment