චීනය ශ්‍රී ලංකාවට උදවු කරන්නේ වෙනත් අරමුණු ලබාගැනීම සදහා බවත් චීනය මෙන් නොව ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ මිතුරෙක් බවත් සෛවරීභාවය ආරක්ෂා කර ගනිමින් නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස සංවර්ධනය වනු දැකීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුණ බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා පැවසුවේය.
අද දින විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ වැඩිපුර ඇමෙරිකානු ආයෝජන ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට කටයුතු කරන බවයි. චීනයට ඒ පිළිබදව ඇත්තේ වෙනත් දැක්මක් බවත් ඔහු කියා සිටියේය.
සම්පූර්ණ කතාව නරඹන්න. පහත ලින්ක් එකට පිවිසෙන්න.
