රජය දෙන ඕන දෙයක් ගන්නවා – ඩයනා

by admindasun
0 comment 134 views

රජය විසින් තමාට ලබාදෙන කුමන තනතුරක් වුවද පිළිගැනීමට සූදානම් බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

පසුගියදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේ මහත්මිය ඒ සදහා කිසිදු වරදාන වරප්‍රසාදයක් රජයෙන් තමාට පොරොන්දු වී නොමැති බවත් කියා සිටියාය.

තමා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය බාරගැනීමට සූදානමක් ඇතිද යන වග විමසූ විට ඇය මේ බව කියා සිටියාය.
තවදුරටත් අදහස් දැක්වූ ගමගේ මහත්මිය පැවසුවේ තමා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය බාරගැනීමට කැමති බව පැවසූ බවට යන කට කතාවල සත්‍යයක් නොවන අතර මේ වන තෙක් රජයේ ප්‍රධාන නිළ දරණ කිසිවෙකු හමු නොවූ බවත්ය.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවත්වන Truth with Chamuditha වැඩසටහනට එකතු වෙමිනි.

ඩයනා ගමගේ මහත්මිය සමග ඔහු පවත්වන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් ඔබට නැරඹිය හැකිය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment