සදාහරිත ප්‍රිවිලේජ්’ කාඩ්පතක් හදුන්වාදෙයි

by admindasun
0 comment 55 views

දශක දෙකකට අධික කාලයක් පුරා මෙරට වාණිජ වන වගාවේ ප්‍රමුඛයා වන සදාහරිත වැවිලි සමාගම, තම ළබැඳි පාරිභෝගිකයන් සඳහා පිරිනමන නවතම හා අසමසම ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා උත්කර්ෂවත් අයුරින් එළිදැක්විණි.

ඒ අනුව තම පාරිභෝගිකයන්ට ලකුණු පිරිනමන සාම්ප්‍රදායික පාරිභෝගික වැඩසටහනකට එහා ගොස්, ඔවුන්ට විවිධ වට්ටම් හා විශේෂ ප්‍රතිලාභ හිමිකර දෙන ආකාරයේ ‘සදාහරිත ප්‍රිවිලේජ්’ කාඩ්පතක් නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.

සදාහරිත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් රැසක් මෙන්ම වාණිජ වන වගා ක්ෂේත්‍රයේ දැවැන්තයින්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ තවත් සම්භාවනීය ආරාධිතයින් රැසක් නව වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වැඩසටහන හරහා 30,000කට වැඩි පාරිභෝගිකයින් හා සදාහරිත වැවිලි සමාගම අතර සබඳතාව ශක්තිමත් වන අතර ම පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ හා අත්දැකීම් රැසක් හිමි වේ.

ඒ පිළිබඳ අදහස් දක්වමින්, සදාහරිත වැවිලි සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙසේ පැවසීය. “අපගේ ළබැඳි පාරිභෝගිකයින් ඇගයීමත්, ඔවුන්ගේ ජීවිත වඩාත් උසස් කරලීමත් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙතැන් පටන් අපගේ පාරිභෝගිකයන්ට ඉතාමත් ආශ්වාදජනක හා ඔවුන්ට වඩාත් ගැලපෙන ආකාරයේ ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ අවස්ථාව සැලසෙනවා. පාරිභෝගිකයන්ට අමතරව අපගේ හවුල්කරුවන්ටත් එහි වාසිය හිමිවෙනවා. ඉදිරියේදීත් වර්තමාන හා අලුත් වෙළෙඳ හා සේවා හවුල්කරුවන් සමඟ එක්ව පාරිභෝගිකයන්ට මෙන්ම අලුතින් මෙම වැඩසටහනට එක්වන සෑම අයෙකුට ම ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිවන ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිනවා”.

දැනට 60කට අධික මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ හා සේවා හවුල්කරුවන් ප්‍රමාණයක් මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගෙන සිටී. සංචාරක, අධ්‍යාපනික, රෝහල්, ඉලෙක්ට්‍රොනික්, රෙදිපිළි සහ ඇඟලුම් ආදී ක්ෂේත්‍ර බොහෝමයක් ආවරණය කරන ආයතන ඒ අතර වේ. ඉදිරි මාස කිහිපය තුළ තවත් වෙළෙඳ හා සේවා ආයතන රැසක් මෙම ජාලයට එකතු වීමට නියමිත ය.

මෙම වැඩසටහනට එක්වීමට කිසිදු වාර්ෂික ගාස්තුවක් අය නොකෙරේ. සැඟවුණු ගාස්තු ද නැත. එක්වරක් පමණක් අය කරගන්නා පරිපාලන ගාස්තුවක් පමණක් ඊට අයත් ය. පාරිභෝගික භවතුන්ගේ ජීවිත කරා වැඩි ගුණාත්මක බවක් හා සතුටක් එක්කරමින් වට්ටම් හා සුපිරි ගනුදෙනු රැසක් ඔවුන්ට පිරිනැමීමට සදාහරිත සමාගම සැදීපැහැදී සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment