හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත ක්‍රියාත්මක කර ඇති අතර නොවැම්බර් 02 වන දින උදේ 5.00ට නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා නැති ප්‍රදේශවලට පමණක් බවත් එම මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල නිරෝධායන ඇදිරි නීතිය නොවැම්බර් 02 වනදා සදුදා උදෑසන 05.00න් පසුවද නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මේ අතර සිකුරාදා දින බස්නාහිර පළාතටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන හෙයික් දැනට ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදේ 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතුය.
නොවැම්බර් 02 වනදායින් පසු මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන්හි ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළෙද සල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.
