චීනය මෙන් නොව ඇමෙරිකාව මිතුරෙක් බව පොම්පියෝ කියයි

by admindasun
0 comment 88 views

චීනය මෙන් නොව ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ මිතුරෙක් බවත් සෛවරීභාවය ආරක්ෂා කර ගනිමින් නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස සංවර්ධනය වනු දැකීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුණ බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා පැවසුවේය.

අද දින විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ වැඩිපුර ඇමෙරිකානු ආයෝජන ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට කටයුතු කරන බවයි. චීනයට ඒ පිළිබදව ඇත්තේ වෙනත් දැක්මක් බවත් ඔහු කියා සිටියේය.

ඊයේ දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණු අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව් මැදුරේ නිරීක්ෂණ චාරිකාවකටද එක් විය.

ඉන් අනතුරුව මෙරට සංචාරය නිම කර මාලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයිනෙන් පසු පොම්පියෝ මහතා ඉන්දුනීසියාව බලා පිටත්වීමට නියමිතය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment