රිෂාඩ් නොවැම්බර් 10 තෙක් යළි රිමාන්ඩ්

by admindasun
0 comment 49 views

පසුගියදා අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නොවැම්බර් 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද දින නියෝග කළේය.

රාජ්‍ය මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ පසුගිය 19 වනදා අත්අඩංගුවට පත්වූ බදුර්දීන් මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර අද දින උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කරන ලදී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් 2019 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අ්‍යභනතර අවතැන්වූ ජනතාව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනා හිටපු අමාත්‍යවරයාට එල්ල වී තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment