අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වුණු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දෛනික ශරීර සුවතා සිදු කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන බව පැවසුවේය.
අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ නුවරවැව ඇවිදින මංතීරුවේ දෛනික ශරීර සුවතාවලට පැමිණි ප්‍රදේශයේ ජනතාව සමග සුහද පිළිසදරක යෙදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
වාහන රථගාල ආශ්‍රිතව පැසිපන්දු ( බාස්කට් බෝල් ) ඇතුළු ක්‍රීඩා කීහිපයක් සිදුකළ හැකි අයුරින් එම පරිශ්‍රය සංවර්ධන කටයුතු සිදු කිරීමට අවධානය යොමු කර ඒ සදහා අවශ්‍ය සැළසුම් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස නිළධාරීන් හට එහිදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.
#ජයගමු එළිමහන් ශක්ති මධ්‍යස්ථානයක් අනුරාධපුර නුවරවැව ඇවිදින මංතීරුව අසල ස්ථාපනය කිරීමට ද මෙහිදී සැළසුම් කරන ලදී.
මෙම අවස්ථාවට තේනුක විදානගමගේ හා ශෙහාන් සේමසිංහ යන ගරු රාජ්‍ය අමාත්‍යවරුන් ද සහභාගී විය.
