තවත් කොවිඩ් ආසාධිතයෙකු මියයයි

by admindasun
0 comment 259 views

අද උදෑසන කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මියගොස් සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු බව මේ වන විට තහවුරු වී ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රී ධරන් පවසයි.

වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකු වන මොහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඔක්තෝබර් 23 වන දින රුධිරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇතිවූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර අදාළ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවත් වෛද්‍ය ශ්‍රී ධරන් පවසයි.

පසුව කරන ලද පරීක්ෂණවලදී ඔහුට කොවිඩ් – 19 ආසාධිත බවටද තහවුරු වී ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වන කොවිඩ් ආසාධිත පුද්ගලයෙකුගේ මරණය ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment