අද දිනයේ මේ දක්වා වාර්තා වුණු කොවිඩ් – 19 ආසාධිතයින් 263 දෙනාට අමතරව තවත් 85 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනාගත් බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම ආසාධිතයින් සියල්ල පෑලියගොඩ මාළු වෙළෙද සල අසාධිතයින්ගේ ආශ්‍රිතයින් සහ ධීවර වරායවලින් හමුවුණු කොවිඩ් ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් බවත් එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 348ක් වන අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය පොකුරුවලින් වාර්තා වන ආසාධිතයින්ගේ සංඛ්‍යාව 4398ක් වේ.
