කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 04කට ඇදිරි නීතිය

by admindasun
0 comment 203 views

නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට විට කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය, වෙරළ බඩ, ගොතටුව, මුල්ලේරියාව, දෙමටගොඩ, මරදාන, කොටහේන, මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

කොවිඩ් – 19 ආසාධනය තව දුරටත් පැතිරීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment