තවත් කොවිඩ් රෝගීන් 75ක් | අද එකතුව 276යි

by admindasun
0 comment 26 views

අද දින රාත්‍රි 10.15 පමණ වන විට මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයින් 75ක් හදුනාගෙන ඇති අතර ඒ අනුව අද දිනය තුළදී හදුනාගත් මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 276ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම 75 දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයේ කොවිඩ් ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

ඒ අනුව මෙම කොවිඩ් පොකුරු දෙකෙන්ම මේ වන තෙක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 3958ක් වන අතර මෙරට කොවිඩ් ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 7429ක් වනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment