තවත් 263 දෙනෙකුට කොවිඩ්

by admindasun
0 comment 47 views

අද සවස වන විට අද දිනයේ අලුතින් හදුනාගත් කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 263ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ආසාධිතයින්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද ඉතිරි 227 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් අතුරින්ද වාර්තා වුණු බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

මේ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය කේන්ද්‍ර කොටගත් කොවිඩ් පොකුරු ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාව 4313ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment