වාලච්චේන හුදෙකලා කරයි

by admindasun
0 comment 50 views

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බල ප්‍රද‌ේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මීට සුලු මොහොතකට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය, වෙරළ බඩ පොලිස් බල ප්‍රදේශවලටද වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment