කොළඹ තවත් ප්‍රදේශ 05කට ඇදිරි නීතිය

by admindasun
0 comment 125 views

කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය, වෙරළ බඩ පොලිස් බල ප්‍රදේශවලටද වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වන කොවිඩ් – 19 වසංගතය සම්බන්ධව රටේ පවතින තත්ත්වය සැළකිල්ලට මෙම ප්‍රදේශවලට ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් පසු එම ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ එම ප්‍රදේශවලින් පිටවීම තහනම් වේ.

ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රි 07 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන ලදී.

කොවිඩ් – 19 වසංගතය සම්බන්ධව රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ ප්‍රදේශවලට ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් පසු එම ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ එම ප්‍රදේශවලින් පිටවීම තහනම් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment