තවත් කොවිඩ් රෝගීන් 201ක් ‍‍| සුවවූ 70ක් නිවසට

by admindasun
0 comment 31 views

අද දිනයේ මේ දක්වා වාර්තා වුණු නව කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 201ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

මෙම ආසාධිතයන්ගෙන් 37ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගෙන්ද, 24 දෙනෙකු ධීවරය වරායන්වලින්ද, 140ක් පෑළියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ආශ්‍රිතයන් අතුරින්ද වාර්තා වී ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ කොවිඩ් පොකුරුවලින් මේ වන තෙක් කොවිඩ් ආසාධිතයින් 3883ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා පැවසුවේය.

තවද කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 70 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 3714ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment