අද දින වාර්තාගත කොවිඩ් රෝගීන් 609ක්

by admindasun
0 comment 39 views

අද දිනයේදී මෙරටින් වාර්තා වුණු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 609ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසුවේ අද දිනයේදී වාර්තා වුණු කොවිඩ් රෝගීන්ගෙන් 496ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වුණු අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් 48ක්ද, බේරුවල ධීවර වරායෙන් 20ක්ද, ගාල්ල ධීවර වරායෙන් 05ක්ද ඔවුන්ගේ ආශ්‍රිතයන් අතුරින් 40ක්ද වාර්තා විය.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මූලික කරගනිමින් අද දිනයේ සවස 06 වන විට 3426 දක්වා ඉහළ ගොස් ඇති බවත් නාලක කළුවැව මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment