20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු එම පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
තව දුරටත් ඔවුන් තම පක්ෂයේ සාමාජිකයන් නොවන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දෙන අතර එම මන්ත්‍රීවරුන් 08 දෙනාට පාර්ලිමේන්තුවේ වෙනම අසුන් පනවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ තම පක්ෂය 20 වන සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කළ අතර ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඇති නිසා ඔවුනට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමටත් පක්ෂයක් ලෙස කටයුතු කරන බව ප්‍රේමදාස මහතා පැවසුවේය.
20වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය, අරවින්ද් කුමාර්, ඉෂාක් රහමන්, එම්. එස්. තවුෆීක්, ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, එච්. එම්. එම්. හාරිස් සහ එස්. එම්. රහීම් යන මන්ත්‍රීවරු මෙම සංශෝධනයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළහ.
ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක් වන අතර ඉතිරි බහුතරය රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරන අයවේ.
