මාළුවලින් කොවිඩ් ආසාධනය වනවාද?

by admindasun
0 comment 142 views

පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයේ සහ බේරුවල ධීවර වරායේ පිරිසක් කොවිඩ් – 19 ආසාධිතයින් බවට තහවුරු වීම නිසා මාළුවලින් මෙම වෛරසය පැතිර යනවාද සම්බන්ධව සමාජයේ මතයක් ගොඩනැගෙමින් පවතින බව රජයේ ප්‍රධාන වසංගත විද්‍යඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් තව දුරටත් ඔහු කියා සිටියේ චීනයේ වූහාන් ප්‍රාන්තයේද මාළු වෙළෙද සල් ආශ්‍රිතව මෙම රෝගය ව්‍යාපත් වීම නිසා ඒ පිළිබදව සැකයක් ඇතත් එම මතය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයිි.

කෙසේ වෙතත් මාළුවලට මෙම වෛරසය ඇතුළත් වුවහොත් එය නොනැසී පවතින බවට සාක්ෂි නොමැති බැවින් මාළු ආහාරයට ගැනීම සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් වෛද්‍ය සමරවීර පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මාළු පිළියෙල කිරීමෙන් පසු නිවැරදි ආකාරයට අත්සෝදා පිරිසිදු විය යුතු අතර අත් සේදීමට පෙර මුහුණු ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් සැක සහිත අවදානමක් පවා වළක්වා ගැනීමේ හැකියාව ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment