20 තුනෙන් දෙකෙන් සම්මතයි | පක්ෂව ඡන්ද 156ක්

by admindasun
0 comment 103 views

පසුගිය දින දෙක පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළ ඡන්ද විමසීම අද දින පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර අවසන් වුණු අතර එම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.

අද දින පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 221ක් සහභාගී වී සිටි අතර ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65 ක් පමණි. සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය යන පක්ෂ මෙම කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය, අරවින්ද් කුමාර්, ඉෂාක් රහමන්, එම්. එස්. තවුෆීක්, ෆයිසර් කාසිම්, නසීර් අහමඩ් සහ එස්. එම්. රහීම් යන මන්ත්‍රීවරු  මෙම සංශෝධනයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළාය.

20 වන සංශෝධනය මුල සිටම දැඩි ලෙස විවේචනය කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම ඡන්ද විමසීම සිදු කෙරෙන මොහොතේදී පාර්ලිමේන්තු සභා ගැබේ සිටියේ නැත.

මෙම සංශෝධනයේ අඩංගු ද්විත්ව පුරවැසිභාවය පිළිබද වගන්තිය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා මුල සිටම දැඩි විරෝධයක සිටි අතර පසුව ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් හරහා 20 වන සංශෝධනයට ඡන්දය ලබා දීමට තීරණය කළ බව අද උදෑසට පාර්ලිමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment