ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් සිදුවුණු 14 වන මරණය වාර්තා වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.
කොවිඩ් ආසාධනය වීමේන් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.
රජයේ ප්‍රධාන වසංගත විද්‍යඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මෙම අසාධිතයා පසුගිය 17 වනදා කුලියාපිටිය රෝහලෙන් අයි ඩී එච් රෝහල වෙත මාරු කර එවා ඇති අතර නිධන්ගත රෝග රාශියකින් පෙළී ඇති කාන්තාවක් බවයි.
එම නිධන්ගත රෝගයක සංකූලතා හේතුවෙන් ඇය මියගොස් ඇති බවත් වෛද්‍ය සමරවීර පැවසුවේය.
