පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ තව දුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට අද සවස 06 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
අද උදෑසන නිවේදනය කළ පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව මෙම ප්‍රදේශවලින් පිටවීම සහ එම ප්‍රදේශවලට ඇතුළුවීම මේ වන විට සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවලට මෙම ප්‍රදේශවලට ගමන් කරන අයට තම රාජකාරී හැදුනුම්පත් රාජකාරී හැදුනුම්පත් ලෙස භාවිත කළ හැකි බවත් හමුදාපතිවරයා පවසයි.
