මේ වන විට පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වෙමින් පවතින 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ජාතික නිදහස් පෙරමුණ තුළ තිබුණු විරෝධතාව ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි තාවකාලකිව ඉවත් කර ගැනීමට කටයුතු කරන බව එම පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පැවසුවේය.
අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ 20 වන ආණ්ඩු
ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ද්විත්ව පුරවැසිභාවය පිළිබද වගන්තියට තම පක්ෂය ප්‍රබල ලෙස විරෝධය ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දුන් බවයි.
ජනාධිපතිවරයා සමග එසේ පැවැති සාකච්ඡාවේදී මෙම සංශෝධනයේ එම වගන්තියද පැවතියද ඉදිරියේදී හදුන්වාදීමට නියමිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පත්වීමට තිබෙන ඉඩකඩ මෙන්ම ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරීමට තිබෙන අවස්ථා වළක්වාලන බවට පොරොන්දු වූ බවත් වීරවංශ අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව මෙම සංශෝධන කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකමුතුව රැක ගනිමින් ද්විත්ව පුරවැසිභාවය පිළිබද වගන්තියටද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තම පක්ෂය තීරණය කළ බවත් විමල් වීරවංශ මහතා පැවසුවේය.
