මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් කොවිඩ් ආසාධිතයින්ගෙන් 186 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා මේ වන විට නිවාස වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
ඊයේ වන විට මෙරට කොවිඩ් ආසාධිතයින්ගෙන් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3501 දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
