පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ තව දුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට කොළඹ උතුරු ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 05කට පොලිස් ඇදිරි නීථිය පනවා ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවා ඇති බව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙම ප්‍රදේශවලින් පිටවීම සහ එම ප්‍රදේශවලට ඇතුළුවීම මේ වන විට සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවලට මෙම ප්‍රදේශවලට ගමන් කරන අයට තම රාජකාරී හැදුනුම්පත් රාජකාරී හැදුනුම්පත් ලෙස භාවිත කළ හැකි බවයි.
