සජිත් ප්‍රේමදාසත් කොවිඩ් ආශ්‍රිතයෙක්

by admindasun
0 comment 187 views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් කොවිඩ් – 19 රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අද පාර්ලිමේන්තුවේ කොවිඩ් – 19 වැළැක්වීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට විපක්ෂනායකවරයා පැවසූ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාල සංචාරක හෝටලයකට ගොස් තිබූ අතර එම හෝටලයෙන් කොවිඩ් – 19 ආසාධිතයෙක් හදුනා ගත් බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එම කොවිඩ් ආසාධිතයාගේ දෙවන පෙළ ආශ්‍රිතයෙකු වන අතර ඒ බව පැය කිහිපයක් ඇතුළත විපක්ෂනායකවරයාට රජයේ සෞඛ්‍ය අංශ විසින් දැනුම් දුන් බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

තව දුරටත් කථා කළ වන්නිආරච්චි මහත්මිය පැවසුවේ එහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාට ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස්ද රජය විසින් ලබා දුන් බවයි.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති කොවිඩ් – 19 ආසාධිතයින් හදුනාගැනීම සහ රෝගය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ආසාධිතයෙකු හදුනා ගැනීමෙන් පසු කඩිනමින් සිදු වන බවත් රජයේ වැඩපිළිවෙළේ කඩිනම් බව පිළිබදව එය කදිම උදාහරණයක් බවත් ඇය පැවසුවාය.

ඊට පිළිතුරු දෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් තමා පිළිපදින අතර රජය විසින් කොවිඩ් මර්දනයට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment