කළුතර ප්‍රදේශ 06ක් වහාම වසා දමයි

by admindasun
0 comment 86 views

පවතින කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ග්‍රාම නිළධාරී කොට්ඨාස 06ක් යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව මීට සුළු වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ග්‍රාම නිළධාරී කොට්ඨාස වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 191 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව එම ප්‍රදේශවලට ඇතුළු වීම හෝ එම ප්‍රදේශවලින් පිටවීමට කිසිවකුටත් අවසර නොලැබෙන බව එම මධ්‍යස්ථානය තව දුරටත් සදහන් කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment