නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යෝජනා කැදවයි

by admindasun
0 comment 37 views

ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් යම් පුරවැසියකු තම යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් තමාට කැමති භාෂාවකින් 2020 නොවැම්බර් 30 වන දිනට පෙර ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ expertscommpublic@yahoo.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍යනම් අධිකරණ අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියට (www.moj.gov.lk) පිවිස හෝ 2020. 10. 20 දිනැති රජයේ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව මායාදුන්න මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment