කොවිඩ් රෝගීන්ට වෙන් කළ ඇඳන් 2,587න් 2,433ක් පිරී අවසන්

by admindasun
0 comment 33 views

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාධිතයින් 5811ක් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.

මේ වන විට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද සවස 02 වන විට කොවිඩ් රෝගීන් 2341ක් හදුනාගෙන ඇති අතර ඔවුන් ලංකාව පුරා රෝහල් 23ක ප්‍රතිකාර ලබන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හේරත් කියා සිටියේ කොවිඩ් රෝගීන් සදහා මේ වන විට රෝහල් ඇඳන් 2587ක් සූදානම් කර ඇති අතර ඉන් ඇඳන් 2433ක් මේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

එසේම ඉදිරියේදී කොවිඩ් රෝගීන් ගණන තව දුරටත් ඉහළ ගියහොත් ඒ සදහා මුහුණ දීම සදහා තවත් රෝහල් අලුතින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සූදානම් කරන බවත් වෛද්‍ය හේරත් පැවසුවේය.

පසුගිය පැය 72ක කාලය තුළ පීසීආර් පරීක්ෂණ 8270ක් සිදු කර ඇති අතර එම පරීක්ෂණ සිදු කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ රජය ජනතාවට කිසිම අයුරකින් කොවිඩ් සම්බන්ධ තොරතුරු සැගවීමක් සිදු නොකරන අතර එසේ එම තොරතුරු සැගවිය නොහැකි බවත් ඔහු කියා සිටියේය.

තවද වැරදි පුවත් සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අතර පසුගිය මහ මැතිවරණයට පෙරත් මෙසේ වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කෙරුණු බව ඔහු කියා සිටියේය.

රෝගය පැතිර යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් නිසා ඇදිරි නීතිය පනවා ඇති අතර එය කිසිසේත්ම ජනතාව අපහසුතාවට පත් කිරීමට කළ දෙයක් නොවන බවත් වෛද්‍ය සමරවීර පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමරවීර පැවසුවේ මෙම රෝගය වැළැක්වීමට හැම කෙනෙකුම රජයට සහයෝගය ලබා දී වගකීමෙන් කටයුතු කළ යුතු අතර සියලු උත්සව අත්හිටුවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

කොවිඩ් රෝගීන් හදුනා ගැනීමේ හොදම ක්‍රමය ලෙස ලෝකය පිළිගෙන ඇත්තේ පීසීආර් පරීක්ෂණය බවත් එහි තත්ත්වය ගැන පැතිර යන කට කතා සාවද්‍ය බවත් වෛද්‍ය සමරවීර පැවසුවේය.

මේ වන විට වාර්තා වන සියලු කොවිඩ් රෝගීන් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේදී ඇති වුණුු මූලයෙන් සිදුවන බව ඔහු පැවසුවේය. එහිදී පළමු, දෙවන හා තුන්වන ආශ්‍රිතයන්ට මෙය ආසාධනය වී ඇති අතර ඉන් එහාට ගිය තත්ත්වයක් නිරීක්ෂණය වී නොමැති බවත් ඔහු කියා සිටියේය.

මේ වන තෙක් මෙම රෝගය සමාජයේ පැතිර යාමක් කිසිසේත්ම නිරීක්ෂණය නොවන අතර අදාළ පොකුර හරහා එය පැතිරෙන බව පැහැදිලි වී ඇති බව ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment