ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය

by admindasun
0 comment 93 views

වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රි 10 සිට ඔක්තෝබර් 26 සදුදා උදේ 05 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගතයේ වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස 19කට යළි දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment