පාර්ලිමේන්තුවේදී කැටගොඩ විමල්ට පහර දීමට යයි

by admindasun
0 comment 248 views

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබද වගන්තියට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ක්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ව ඇතිවූ කතාබහකදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විමල් වීරවංශ අමාත්‍යවරයාට පහර දීමට උත්සාහ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් 20 වන සංශෝධනයේ පුරවැසිභාවය පිළිබද ඇති වගන්තියටද සහයෝගය දුනහොත් ඉදිරියේදී වරප්‍රසාද හිමිවන බව පවසා ඇති අතර ඒ පිළිබදව වීරවංශ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇත.

ඉන් පසු ඒ පිළිබදව විමසා කැටගොඩ මන්ත්‍රීවරයාට තම අප්‍රසාදය පල කර අගමැතිවරයා එම ස්ථානයෙන් පිටව ගිය පසු කැටගොඩ මන්ත්‍රීවරයා විමල් වීරවංශ මහතාට බැණ වැදී පහර දීමට උත්සාහ කර ඇති අතර අසළ සිටි මන්ත්‍රීවරු එය වළක්වා ඇති බව දැනගන්නට තිබේ.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටිති.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment