පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතිි සමහර කරුණු සම්මත කර ගැනීමට විශේෂ බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව ඒ පිළිබදව ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරනව විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී ඇත.
අද දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
තව දුරටත් ඒ පිළිබදව කරුනු දැක්වූ කථානායකවරයාට අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82-1 ව්‍යවස්ථාවට අනුකූල වන අතර 82-5 ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු වේ. එසේම පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනුකූල බැවින් ආණ්ඩුු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් කෙසේ වෙතත් 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවය යෝජිත කාරක සභා සංශා්ධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනුකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ දක්වා ඇති පරිදි සුදු ලෙස සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
