මාකදුරේ මධූෂ් මාලිගාවත්තේදී මරුට

by admindasun
0 comment 150 views

අද අළුයම පොලිසිය සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකුවූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් මරුමුවට පත් විය.

මෙම වෙඩි හුවමාරුව මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී සිදු වී ඇති බවට වාර්තා වේ.

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසු ඒ පිළිබද සෝදිසි මෙහෙයුමකට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් යන අවස්ථාවේදී මාකදුරෝ මධූෂ්ද එම ස්ථානයට රැගෙන ගොස් ඇත.

එහිදී එම ස්ථානයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිසියට වෙඩි තබා ඇති අතර එහිදී සිදු කරන ලද වෙඩි හුවමාරුවේදී මධූෂ්ට සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර ඉන් මධූෂ් මියගොස් ඇත.

එම ස්ථානයේ ඉන් පසු සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් රුපියල් මිලියන 220ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක්, පිස්තෝල 02ක් සහ පාතාල සාමාජිකයින්ට අයත් මෝටර් සයිකලයක් සොයාගෙන ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment