ශ‍්‍රී ලංකා රේගුව තුළ එදිනෙදා සිදුවන මෙහෙයුම් ක‍්‍රියාවලියේ ප‍්‍රධාන කොටස්කරුවන් ලෙස වාප්පු සේවාව ප‍්‍රමුඛ කාර්යක් වන නමුත් වාප්පු ලිපිකරු සේවයේ යෙදෙන පිරිස කොවිඩ් – 19 අවදානම සම්බන්ධයෙන් ඉතාමත් අනාරක්ෂිත බවට පත්වී ඇතිබව ලංකා වාප්පු සේවා සංගමය පවසයි.
රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයාට ලිපියක් යොමු කරමින් ලංකා වාප්පු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. අයි. ආබ්ඩීන් පැවසුවේ රේගුවේ ආරක්ෂාවට අභ්‍යන්තරිකව ක්‍රියාමාර්ග ගෙන ඇතත් එම සියලු නිළධාරීන්ගේ ප්‍රථම සම්බන්ධතාව ලෙස ගැනෙන වාප්පු නියෝජිත සහ ලිපිකරුවන්ගේ ආරක්ෂාවට කිසිදු ක්‍රියාහාර්ගයක් ගෙන නොමැති බවයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව රේගුවේ ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව අභියස දෛනිකව සිදුවන ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වන කි‍්‍රයාවලියේ 200 සිට 300 දක්වා වන වාප්පු නියෝජිතයින් පිරිසකගේ තදබදයක් දක්නට ඇත. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළුවීමේදී ඇතිවන මෙම තදබදයට විසඳුමක් පසුගිය සතිය තුළත් දකින්නට නොලැබුණ අතර එන්න එන්නම එහි තදබදය හේතුවෙන් රටපුරා කොවිඩ්- 19 ව්‍යාප්තවීමේ වාහකයන් බවට තම වෘත්තීකයන් පත්වේද යන්න ගැටලූවක් ඇත.
මේ සඳහා එක් විසඳුමක් ලෙස ඔන්ලයින් ක‍්‍රමයට ලේඛන ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇතත් එය රේගු නිශ්කාශන කටයුතුලදී කොතරම් දුරට සාර්ථකදැයි දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ශනය කර සොයා බලන ලෙසත් අබ්ඩීන් මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.
