නව තානාපතිවරු අගමැති හමුවෙති

by admindasun
0 comment 40 views

විදෙස් සේවයට පත්වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස් මහතා, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අගමැතිවරයා හමුවූහ.

නව පත්වීම් ලද මෙම  රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment