මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් – 19 ආසාධිතයන් සොයා ගැනීමත් සමග එම වසංගතය සම්බන්ධයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය රට වසා දැමීමකින් තොරව පාලනය කරගත හැකි වනු ඇතැයි රජය විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.
මෙහිදී නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මෙම වසංගතය පැතිරීම වළක්වා ගැනීමට ජනතාව විසින් ලබා දෙන සහයෝගය අගය කරන බවත් ඔහු කියා සිටියේය.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ සියලු ආශ්‍රිතයින් මේ වන විට හදුනා ගෙන ඇති අතර ඔවුන්ගෙන් කොවිඩ් – 19 ආසාධිත බවට තහවුරු වූ අය රෝහල් 26ක පමණ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවත් වෛද්‍ය පතිරන පැවසුවේය.
එසේම ඊයේ වන විට ඒ සම්බන්ධව 10,281 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට අනුව මේ වන විට එම නියැදිය සම්බන්ධව පීසීආර් පරීක්ෂණ 24,778ක් සිදු කර ඇත. මේ වන විට දිනකට පීසීආර් පරීක්ෂණ 7,000ක් පමණ සිදු කරන බවත් ඔහු පවසයි.
