හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමක් අවශ්‍ය නොවන අතර ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට වරෙන්තු නොමැතිව ඔහු අත්අඩංගුවට ගත හැකි බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ඒ බව ප්‍රකාශ කළේය.
අධිකරණ වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් මෙම ඉල්ලීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් 2019 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අ්‍යභනතර අවතැන්වූ ජනතාව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනා හිටපු අමාත්‍යවරයාට එල්ල වී තිබුණි.
