හෙට උදෑසට 05 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ඇතිවූ කොවිඩ් පොකුර හේතුකොටගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.
