බ්‍රැන්ඩික්ස් කොවිඩ් මූලය සෙවීමට රජයෙන් පරීක්ෂණයක්

by admindasun
0 comment 57 views

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට හේතුවුණු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට කොවිඩ් – 19 පැමිණි අයුරු සෙවීමට රජයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

මීට ටික වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අවසන් වුණු රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ සතිපතා මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු කියා සිටියේ බ්‍රැන්ඩික්ස් කොවිඩ් මූලය සෙවීම සදහා කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බවයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කමිටුව පත් කර ඇති අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වළක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම මෙම විශේෂ කමිටුව විසින් සිදු කෙරෙනු ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පසුගිය දිනවල රෝගාතුරව සිටිය දි ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ සත්කාරක සේවා ලබා නොදීම සහ එම රෝගාතුර තත්වයන් තුළ ඔවුන්ට නිවාඩු ලබා නොදී අඛණ්ඩව සේවය ආදිය පිළිබඳව ජනමාධ්‍යයන්හි පළ වාර්තා ද පදනම් කරගෙන එම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ සමීපතමයන්ගෙන්ද කෝවිඩ් සමයේ ක්‍රියාත්මක කළ යුතු කම්හල් සෞඛ්‍ය කමිටු නිසි පරිදි මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මකවීද කෝවිඩ් වැලැක්වීමේ සෞඛ්‍ය උපදෙස් මෙහි අනුගමනය කළේ ද යනාදිය පිළිබඳ කර්මාන්ත ශාලා පරිපාලනයෙන්ද මේ පිළිබඳ පූර්ණ ප්‍රකාශ ලබාගෙන සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම කමිටුවට දැනුම් දී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment