පවතින කොවිඩ් – 19 වසංගතය හමුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන 02ක් යළි දැනුම්දෙන තුරු හුදෙකලා කර ඇති බව කොවඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව යළි දැනුම් දෙන තුරු එම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මානවලට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් බව යුධ හමුදාපතිවරයා පවසයි.
